ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (12) දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318.03 සිට රුපියල් 318.57 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි විකුණුම් මිල ද රුපියල් 325.64 සිට රුපියල් 326.12 දක්වා ඉහළ ගොස් තිබේ. ඩොලරයට අමතරව ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් ප්‍රධාන විදේශීය මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව ද රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.














