අද දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ. විකුණුම් අනුපාතය රුපියල් 323 මට්ටමේ ස්ථාවරව පවතින බවද සඳහන් වේ.
සම්පත් බැංකුවේ සහ NDB බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 316.50 සිට 317 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 323 සිට 323.50 දක්වාත් ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 316.81 ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 323.80 ක් ලෙස සටහන් වේ.
සෙලාන් බැංකුවේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතික පිළිවෙලින් රුපියල් 316 සහ රුපියල් 323.75 ලෙස නොවෙනස්ව පවතී.
කොමර්ෂල් බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 314.54 ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 323 ක් ලෙස සටහන් වී ඇත.














