ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අගය ඉහළ යාමක් වාර්තා කර තිබේ. ඒ අනුව, දිවයිනේ වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339 දක්වා පහත බැස ඇතැයි වාර්තා වේ.
අද දින (අගෝස්තු 06) ප්‍රධාන බැංකු කිහිපයක ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පහත පරිදි සටහන් වේ. සෙලාන් බැංකුවේ ඩොලරයක් මිලදී ගැනීමේ මිල රුපියල් 331.45 ක් වන අතර විකුණුම් මිල රුපියල් 340.70 ක් ලෙස කිසිදු වෙනසකින් තොරව පවතී. එන්.ඩී.බී. බැංකුවේ මිලදී ගැනීමේ මිල රුපියල් 330.85 ක් (රුපියල් 0.30 ක පහළ යාමක්) සහ විකුණුම් මිල රුපියල් 339.85 ක් (රුපියල් 0.30 ක පහළ යාමක්) ලෙස සටහන් වේ. මහජන බැංකුවේ මිලදී ගැනීමේ මිල රුපියල් 331.41 ක් (රුපියල් 0.05 ක පහළ යාමක්) සහ විකුණුම් මිල රුපියල් 339.63 ක් (රුපියල් 0.50 ක පහළ යාමක්) ලෙස දැක්වේ. වාණිජ බැංකුවේ මිලදී ගැනීමේ මිල රුපියල් 329.31 ක් (රුපියල් 0.49 ක පහළ යාමක්) වන අතර විකුණුම් මිල රුපියල් 339.25 කි (රුපියල් 0.50 ක පහළ යාමක්). සම්පත් බැංකුවේ මිලදී ගැනීමේ මිල රුපියල් 331.50 ක් සහ විකුණුම් මිල රුපියල් 339.50 ක් ලෙස වෙනසක් නොමැතිව පවතී.
















