බදාදා දිනයට සාපේක්ෂව අද (23) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
බොහෝ බැංකු වල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රු. 340ක් ලෙස නොවෙනස්ව පවතින අතර, සෙලාන් බැංකුවට අනුව ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතික පිළිවෙළින් රු. 331.90ක් සහ රු. 341.15ක් ලෙස දැක්වේ.
















