ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (02) දිනයේදීත් සිය ශක්තිමත්භාවය තවදුරටත් රඳවා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, අද ස්පොට් වෙළෙඳපොළේ රුපියල 335.25/335.35 මට්ටමේ සටහන් විය. මෙය පෙර දිනයේ පැවති 335.90/336.00 මට්ටමට සාපේක්ෂව කැපී පෙනෙන ශක්තිමත් වීමකි.
තවද, වෙළෙඳපොළ දත්ත අනුව අද දිනයේ ටෙලිග්‍රැෆික් හුවමාරු අනුපාතය අනුව ඩොලරයක් මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 331.50 ක් ලෙසත් විකිණීමේ අනුපාතය රුපියල් 340.50 ක් ලෙසත් වාර්තා විය.
















