රජයේ වැඩසටහනක් යටතේ ඌව පළාතේ දීර්ඝ කාලයක් තිස්සේ නීත්‍යානුකූල ඉඩම් අයිතියක් නොමැතිව පදිංචිව සිටි ජනතාව වෙනුවෙන් ඉඩම් බලපත්‍ර 10,731ක් ලබා දීම සාර්ථකව සිදු කෙරිණි. බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ඉඩම් නීත්‍යානුකූල අයිතිය ලබා දීම මෙහි අරමුණයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව එක්ව බණ්ඩාරවෙල නගර ශාලාවේදී මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 283 දෙනෙකුට ද, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 202 දෙනෙකුට ද, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 138 දෙනෙකුට ද සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 103 දෙනෙකුට ද ඉඩම් බලපත්‍ර ප්‍රදානය කෙරිණි.
මෙමඟින් ජනතාවගේ සමාජීය සහ ආර්ථික ස්ථාවරත්වය ඉහළ නංවන අතර, රටේ දිගුකාලීන සංවර්ධන අරමුණු කරා ළඟා වීමට රුකුලක් ලැබෙන බව බලධාරීහු පවසති.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සේනාරත්න විතාන, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
















