වෙසක් පුන් පොහොය දිනය වන අද (30) දිනය සමඟ මෙවර ශ්‍රී පාද වන්දනා සමය මධ්‍යම රාත්‍රීයෙන් නිමාවට පත් වේ. මේ වෙනුවෙන් ශ්‍රී පාද උඩමළුවේ ආගමික පිංකම් රැසක් සංවිධානය කර ඇති අතර, පෙහෙවස් සමාදන් වීම සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් අද අලුයම වන විටත් ශ්‍රී පාද මළුව වෙත පැමිණ සිටියහ.
ශ්‍රී පාදස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ආගමික කටයුතු සිදු කෙරේ. හෙට (31) උදෑසන උඩමළුවේදී සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව, උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ දේවාභරණ පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය. ලබන වන්දනා වාරය ආරම්භ වන තෙක් මෙම පූජා භාණ්ඩ පැල්මඩුල්ල විහාරස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇත.
















