ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත් කිරීමේ අවසන් අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම තනතුර සඳහා අයදුම් කළ අපේක්ෂකයින් කිහිප වටයක ඇගයීම් සහ පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු, සුදුසුකම් සපුරා ඇති අවසන් අපේක්ෂකයින් පිරිසක් මේ වන විට තෝරාගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. ඉන් වඩාත්ම සුදුසු අයවළා වහාම තෝරා ගැනීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම, ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයෙකු පත් කිරීම පිළිබඳ සාකච්ඡා ද මේ වන විට සාර්ථක අදියරක පවතින බව අමාත්‍යවරයා අනාවරණය කළේය. මීට පෙර යෝජනා වූ නම් කිහිපයක් විවිධ හේතු මත අත්හැර දැමීමට සිදු වූ නමුත්, මේ වන විට ඉතා ශක්තිමත් සහ සුදුසු නව යෝජනාවක් ඉදිරිපත්ව ඇත. ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත නව සභාපතිවරයා සිය රාජකාරී ආරම්භ කරනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
