27 April 2024
#දේශීය

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 31 වනදා මහනුවරදී එළිදක්වයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ලබන 31 වනදා පෙරවරු 10 ට මහනුවර දී සිදු කිරීමට නියමිතයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධීපති ධුර අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඓතිහාසික මහනුවර පුදබිමේදී ප්‍රකාශයට පත් කරන්නේ මෙවර බවයි.

රට නව මාවතකට යොමු කරවන ප්‍රතිපත්ති ඇතුළත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර රැජිණ හෝටලයේදී සිදු කිරීමට නියමිත බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *