27 April 2024
#දේශීය

නව දේශපාලන ගමනක් ආරම්භ කරනවා – මන්ත්‍රී කුමාර වෙල්ගම

නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ අද පැවැති 62වන ගුණ සැමරුම් උත්සවයට අද (26) එක්වෙමිනි.

එහිදී වෙල්ගම මහතා කියා සිටියේ තමන්ගේ මේ දේශපාලන නව වැඩපිළිවෙලට හිටපු මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මන්ත්‍රීවරු ආදී ගොඩාක් දෙනෙක් එකතු වෙන බවයි.

මෙම වැඩපිළිවෙලට නායකත්වය දෙන්නේ තමා බව ද වෙල්ගම මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *