27 April 2024
#දේශීය

තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපියක් විවිධ සමාජ මාධ්‍යජාල ඔස්සේ පතුරුවාලීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස මහජනතාව වෙත දැනුම් දී සිටි.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නේ ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශය විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි සැලකිය හැකි කාරණයක් සම්බන්ධයෙනි. ඒ වට්ස්ඇප් මාර්ගයෙන් ත්‍රස්තවාදි කණ්ඩායමකට අයත් ගිණුමක් සම්බන්ධයෙනි.

නමුත් එම තොරතුරු මෙතෙක් තහවුරු කරගනු ලැබු සිදුවීමක් නොව පොලිස් වාර්තා කිරීමක් පමණක් බව පොලිස් මාධ්‍ය කාර්යාල දැනුම් දෙයි.

කෙසේ වෙතත බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරනු ලබන ලේඛණ හෝ වාර්තා කරනු ලබන තොරතුරු හෙළිදරව් කිරීම මෙන්ම මහජන ආරක්ෂාවට හානි විය හැකි තොරතුරු පරිගණක ඔස්සේ ප්‍රචාරය කිරීම පරිඝනක අපරාධ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *