දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල අද (31) දිනයේ විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
සුපිළිපන්න සතියට සමගාමීව මෙම වැඩසටහන සිදු කරන අතර, මේ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර ඇත. ඒ අනුව අද පෙරවරුවේ පැය කිහිපයක් රාජ්‍ය ආයතන විසින් තම පරිශ්‍රයන් පිරිසිදු කරනු ලබයි.














