27 April 2024
#දේශීය

විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවේ – අමාත්‍ය මනුෂ

විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය මත ලබාගත හැකි තීරු බදු සහන ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවේදිය.

ඒ අනුව කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වන අතර ඩොලර් 2400ත්, 4799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය. ඩොලර් 4800ත් ඩොලර් 7199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් හිමිවන අතර ඩොලර් 7200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතී. ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබාගැනීමට හැකියාව පවතී.

වසරක කාලයක් තුළදී අදාල මුදල් රටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතී. 2022 වසරේ මැයි පළමුවැනිදා සිට නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයින් සදහා මෙම සහනය ලබාගැනීමට හැකියාව පවතින අතර වසරක කාලයක් තුළදී එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සදහා සලකා බලනු ලැබේ. මෙම තීරු බදු සහන ඉහළ නැංවීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *