27 April 2024
#දේශීය

ජනපතිට රනිල්ගේ වැඩපිලිවෙලට කොන්දේසි විරහිතව සහය දෙනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා‍ ගෙන යන වැඩපිළිවෙල සදහා කොන්දේසි විරහිතව සහය දෙන බවත් එදා රට බාර ගන්නා ලෙස ආරාධනා කළ අවස්ථාවේ ගිලෙන නැවෙන් පනින මියන් වගේ විපක්ෂයේ සිටින පිරිස් අභියෝග හමුවේ පළා ගිය බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ දඹූල්ල ,ඉනාමළුවේ පිහිටි ජාතික යොවුන් සේනාංකයේ පැවති ලංකාවේ ප්‍රථම වරට සංචාරක බංගලා භාරකරු සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන් කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ” මේ මොහතේ රාජ්‍ය නිලධාරින් වෘත්තිකයින් තමන්ගේ වගකිම් යුතුකම් රට වෙනුවෙන් ඉටු කළ යුතුයි.රටේ පසුගිය කාලයේදි උත්තරයක් නැතිව ඉන්න අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා එදා අභියෝගය බාර ගත්තා.වෙන් විපක්ෂයේ පිරිස් බාර ගන්නා ලෙස කියද්දි පලා ගියා.ඔවුන් මේ රටට යම් ආදරයක් ඇත්නම් බාර ගැනිමට තිබ්බා.එසේ නොකළ අද රට යහපත් අතට හැරෙමින් කටයුතු කරන අවස්ථාවේදි කකුලෙන් ඇදිමට ඔවුන් කටයුතු කරනවා.එදා වත්මන් ජනපත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් 1979 වසරේදි ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළා.විශාල තරුණ පිරිසකට මෙහෙවරක් සිදු වුණා.වත්මන් කාලයේදිත් අපි දේ සිදු කරනවා.අභීයෝග බාර ගත හැකි තරුණ තරුණියන් පිරිසක් බිහි කිරිම අපේ අරමුණයි.අතිතයේ අපේ සිටි විරෝධාර මුතුන් මිත්තන් එදා 1818 වසරේදි මෙන් 1848දි මේ රටේ ඇතිවු විවිධ උවදුරුවලින් බේරා ගැනිම සදහා සටන් කළා.එවන් ජාතියකය උරුමකම් කියන අපි වත්මන් කාලයේදි ඇතිවි තිබෙන විවිධ අභීයෝග ජය ගත යුතුයි.ඒ සදහා තරුණ පිරිස ඉදිරියට පැමිණිය යුතුයි.පසුගිය කාලයේදි වැඩ නොකර විවේචනය කළ පිරිස් විවිධ දේ කළා.වැඩක් කරන පිරිසට මේ දේවල් කරන්න දෙන්නේ නැහැ.යොවුන් සේනාංකයේ මෙම පාඨමාලාව හැදිරිම සදහා විශාල ඉල්ලමක් නිර්මාණය වෙලා තියනවා.අද වන විට සංචාරක කර්මාන්තය දියුණූවෙමින් තියනවා.මේ වන විට සංචාරකයින් විශෘල පිරිසක් රටට පැමිණෙමින් සිටිනවා.හෝටල් සදහා මේ තනතුරු වලින් ඉල්ලුමක් තියනවා ඉිදිරයේදි අපි මෙම පාඨමාලාවන් සදහා සහභාගි වන තරුණ පිරිසට අවශ්‍ය පහසුකම් ලබා දිමට කටයුතු කරනවා යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

තරුණ තරුණියන් සදහා ස්පයාර්ටයිම් මෘදුකාංගය හදුන්වාදිම එම ආයතනය මගින් සිදු කිරිම මෙහදි සිදු විය.

මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඒ .කේ විජේරත්න, ඉනාමළුව ජාතික යොවුන් සේනාංකයේ හෝටල් පාසලේ නියෝජ්‍ය විදුහල්පති මේජර් එම්.අයි.බි ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුලු පාඨමාලා උපදේශකවරුන් සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *