27 April 2024
#දේශීය

ඉනාමළුව හෝටල් පාසලේ සහතික ප්‍රදානයක්

දඹූල්ල ,ඉනාමළුවේ පිහිටි ජාතික යොවුන් සේනාංක හෝටල් පාසලේ දිවයිනේ ප්‍රථම වරට ආරම්භ කළ සංචාරක බංගලා භාරකරු සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන් කණ්ඩායමේ සහතික ප්‍රදානය ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඒ .කේ විජේරත්න, ඉනාමළුව ජාතික යොවුන් සේනාංකයේ හෝටල් පාසලේ නියෝජ්‍ය විදුහල්පති මේජර් එම්.අයි.බි ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුලු පාඨමාලා උපදේශකවරුන් සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *