27 April 2024
#ක්‍රීඩා

ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට

ශෙහාන් සේමසිංහ කුසලාන විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරියේ ජය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ක්‍රිඩා සමාජය නියෝජනය කල නිශාන්ත පෙරේරා විසින් දිනා ගත්තේය.

එහි දෙවන ස්ථානය වරාය අධිකාරි ක්‍රීඩා සමාජය නියොජනය කල ශොහාල් චමෝද් හා තෙවන ස්ථානය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ක්‍රීඩා සමාජයේ චතුර මධුෂාන් ක්‍රිඩකයාටත් හිමිවිය.

ඊයේ (23) දින අනුරාධපුර ශෙහාන් සේමසිංහ පදනමේ අනුග්‍රාහයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ හා ශ්‍රි ලංකා පාපැදි විනිසුරු සංගමයේ මෙහෙය විමෙන් පැවැත්විණ.

මෙම තරඟය සඳහා කි.මි 138 ක් දුර පැවැති මෙම තරගය සදහා ක්‍රිඩකයින් 220 දෙනෙකු සහාභාගි වුහ.

අනුරාධපුර ක්‍රීඩකයින්ගෙන් ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථාන ටු විල් පාපැදි සමාජයේ කිවිසුරු කරුණාරත්න හා නිලින්ද අමිල කුමාර දිනා ගත් අතර රංජිත් අනුර ක්‍රීඩා සමාජය නියෝජනය කල මධුමාදව පෙරෙරාට හිමි විය.

තරගයේ ජය සංකේත ප්‍රදානය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, ක්‍රිඩා අමාත්‍යවරයාගේ අනුරාධපුර සම්බන්ධීකරන නිලධාරි චින්තක ගිහාන් විරතුංග ඇතුලු පැමිණ සිටි සම්භාවනිය අමුත්තන් අතින් සිදුවු අතර ඒ සදහා අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති එන්.කරුණාරත්න, ශ්‍රි ලංකා පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන,ටු විල් පාපැදි සමාජයේ සභාපති වෛද්‍ය නිශාන්ත කුලරත්න යන අය සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *