චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 18ක අතිසාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කළ ස්ටීවන් ෆ්ලෙමින් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමේ ඉල්ලීම චෙන්නායි සුපර් කිංග්ස් පාලනාධිකාරිය විසින් පිළිගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
ස්ටීවන් ෆ්ලෙමින්ගේ පුහුණුකාරීත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයි.පී.එල් ඉතිහාසයේ අමතක නොවන ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය. එම ජයග්‍රහණ අතරට අයි.පී.එල් ශූරතා 5ක් දිනා ගැනීම සහ විස්සයි විස්ස ලීග් ශූරතා 2ක් දිනා දීම අයත් වේ.
පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් පුරා ෆ්ලෙමින් චෙන්නායි කණ්ඩායමේ සාර්ථකත්වයේ තීරණාත්මක චරිතයක් වූ අතර, ඔහුගේ සමුගැනීම අයි.පී.එල් ඉතිහාසයේ වැදගත් යුගයක නිමාවක් ලෙස සැලකේ.














