• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රැපිඩ් ඇන්ටිජන් සහ අහඹූ නියැදි පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

18 December 2020
in දේශීය

බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් – 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සංචාරක ජනතාවගෙන් පිටපළාත්වලට වෛරසය පැතිරීමේ වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ද, ඉහත පරීක්ෂණ කටයුතු පිළිබදව බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත දැනුම් දී තිබෙන බව ද පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්රථවල හා අනෙකුත් වාහන වල ගමන් කරන මගීන්ගේ අපහසුතා ද හදුනාගනිමින් මෙම කටයුතු සිදු කිරීමට නියමිත බව ද පවසයි.

කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශය, කොළඹ හලාවත මාර්ගයේ මීගමුවට ආසන්න ප්‍රදේශය, කොළඹ රත්නපුර මාර්ගයේ කොස්ගම සාලාව ප්‍රදේශය සහ කොළඹ මාතර මාර්ගයේ බේරුවල ප්‍රදේශය මෙම පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු ස්ථාන බවට මේ වන විට හදුනාගෙන ඇත.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධව සිදු කෙරෙන බවත්, අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය වසංගත රෝග නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලරධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

 

Post Views: 8
Previous Post

කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අගමැති මහින්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තබයි

Next Post

හදිසි මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කරයි

editor

editor

Next Post

හදිසි මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved