• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංගමයේ වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර

25 March 2021
in දේශීය

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

මේ අතර, කාලාන්තරයක් තිස්සේ පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරිම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාල විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රට පුරා ඇති උප ඩිපෝ බස් රථගාල ලෙස පමණක් භාවිත කිරීමට සහ ඒවාට අදාල පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් සිදු කිරීමටත් ඒ මගින් රට පුරා බස්රථ ප්‍රවාහනය ක්‍රමවත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමටත් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික රථවාහන හැසිරවීම පිළිබඳ තීරණ ගැනීමේ පළාත් පාලන රථවාහන කමිටු රැස්වීම් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරියෙක් සහභාගී වීමේ වැදගත්කම මෙහිදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙමගින් නාගරික රථවාහන හැසිරවීම පිළිබඳ වැදගත් තීරණ ගැනීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කොටගෙන එම තීරණ ගැනීම මගින් සිදුවිය හැකි අක්‍රමිකතා වලක්වා ගත හැකි බව මන්ත්‍රීවරයන්ගේ අදහස විය. පවතින රියදුරු සහ කොදොස්තරවරුන්ගේ පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභීන් තුළින් තෝරා ගන්නා සුදුසුකම් ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බඳවා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

නවීන රථවාහන වල පවතින අධි තාක්ෂණික උපාංග පිළිබඳ රාජ්‍ය ආයතන වල රියදුරන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවට උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරු යෝජනා කළහ. මෙලෙස රියදුරන්ගේ පවතින නොදැනුවත්භාවය හේතුවෙන් නවීන වාහන වල තත්තවය ඉතා කෙටි කාලයක් තුළ විනාශ වන බව මන්ත්‍රීවරයන්ගේ අදහස විය.

මාර්ගගත ක්‍රමයට (Online) දුම්රිය ප්‍රවේශපත් වෙන් කරවා ගැනීමේදී සිදුවන අපහසුතා පිළිබඳ මෙහිදී මන්ත්‍රීවරු සිය අදහස් දැක්වූ අතර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ සොයා බලා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මහා මාර්ග වල සිදුවන අනතුරු අවම කර ගනීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර මගී ප්‍රවාහන බස්රථ රියදුරන් සඳහා විශේෂ රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ අමාත්‍යාංශය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රැස්වීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, රිෂාඩ් බද්දියුදීන්,අශෝක් අබේසිංහ, එස්. ගජේන්ද්‍රන්, කුලසිංහම් දිලීපන්, අලි සබ්‍රි රහීම්, සමන්ප්‍රිය හේරත්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර, සුදත් මන්ජුල, මධුර විතානගේ, එච්. නන්දසේන, ෆයිසාල් කාසිම්, අකිල එල්ලාවල, කෝකිලා ගුණවර්ධන, වෛද්‍ය උපුල් ගලප්පත්ති ඇතුළු ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ‍සහභාගී වූහ.

 

Post Views: 8
Previous Post

විගමනික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට හෝටල් වෙන් කර ගැනීම අරඹයි – ඇමැති නිමල්

Next Post

ආර්කේඩ් ආණ්ඩුවේ ගජ මිතුරෙකුට දෙන්න අයිතියක් නෑ – පාඨලි කියයි

editor

editor

Next Post

ආර්කේඩ් ආණ්ඩුවේ ගජ මිතුරෙකුට දෙන්න අයිතියක් නෑ - පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved