• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් බස් රථ සේවාව පුළුල් කිරීමට පියවර – අමාත්‍ය බන්දුල

13 June 2022
in දේශීය

ඉන්ධන මිල ඉහල යාම නිසා පීඩාවට පත් පොදු ජනතාවට සහන සැලසීම උදෙසා පොදු ප්‍රවාහන පද්ධතිය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂමව යොදා ගැනීමේ වැඩසටහන් කිහිපයක් දියත් කර ඇති බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්ධන හිඟය හමුවේ ඉදිරි ප්‍රවාහන සැලසුම්” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (13) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “අද දෙමාපියන්ට තමන්ගේ දරුවන් පාසලට යැවීමේදී පාසල් වෑන් රථ සඳහා විශාල මුදලක් ගෙවන්න සිදු වෙලා තියෙනවා. අධ්‍යාපන ඇමතිතුමත්, අධ්‍යාපන අංශයේ නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් විශාල වශයෙන් ඉල්ලීම් කරනවා සිසු සැරිය බස් රථ සේවාව ව්‍යාප්ත කරන ලෙස. ඒ වෙනුවෙන් පාසල් බස් රථ සේවාව පුළුල් කිරීමට අප කටයුතු කලා. 15 වැනිදා සිට අලුතින් පාසල් බස් රථ සේවා 20ක් කොළඹට ඇතුල්වන ප්‍රධාන ප්‍රවේශ මාර්ග සියල්ලක්ම ආවරණය වන පරිදි ධාවනය කිරීමට සුදානම් කරල තියෙනවා. ඒ වගේම මාසයක් ඇතුලත මෙම සේවාව බස් රථ 50 දක්වා වැඩි කිරීමට සුදානම් කරල තියෙනවා. වර්තමානයේ දුම්රියෙන් ගමන්කරන මගීන් සංඛ්‍යාව වැඩියි. ඒ නිසා අලුතින් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට අපි සුදානම් කරල තියෙනවා. එහිදී කොළඹ කොටුව සිට මහනුවර දක්වාත්, සති අන්ත විශේෂ දුම්රියක් ගල්කිස්ස සිට යාපනය දක්වාත්, කැළණි වැලි දුම්රිය මාර්ගයේ වග සිට කොළඹ කොටුව දක්වා කාර්යාලීය දුම්රියකුත් අලුතින් එකතු කරනව. ඒ වගේම දැනට ධාවනය වන දුම්රියන්හි පෙට්ටි සංඛ්‍යාව වැඩි කිරීමටද කටයුතු කරනවා. Park and Ride ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කරන බවත්, වාහන නවතා තැබීම වෙනුවෙන් අයකරන ගාස්තුව අඩකින් අඩු කිරීමට තීරණය කර ඇති බවත්, කඩවත, කටුබැද්ද, මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විනාඩි 10 න් 10ට කොළඹ කොටුව දක්වා සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ ඇමතිවරයා මේ සියළු කටයුතු ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය. පෞද්ගලික අංශයේ බස් රථ, ලංගම බස් රථ, පාසල් බස් රථ හා පාසල් වෑන් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේ පහසුව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සහ කොළඹ කොටුව බැස්ටියන් මාවතේ නව ඉන්ධන පිරවුම්හල් දෙකක් ස්ථාපනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්. රංජිත් පේමසිරි, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සහ කොළඹ ප්‍රවාහන ජාල ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක යන මහත්වරුන් ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 

Post Views: 8
Previous Post

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිම සදහා ඡායාරුප ආගමන විගමන දෙපාර්තමෙන්තුවට උඩුගත කිරිමේදි ගැටලු රැසක්

Next Post

Finally found Pc Programm That’s practically perfect

editor

editor

Next Post
Finally found Pc Programm That’s practically perfect

Finally found Pc Programm That’s practically perfect

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved