27 April 2024
#දේශීය

මාතලේ මාර්ග රැසක් ගැසට් කිරිමට පියවර

මාතලේ ප්‍රාදේශී සභා බල ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය සභාවට පවරා නොගත් මාර්ග මැනුම්කටයුතු සිදුකොට ගැසට් නිවේදනයක් මගින් ප්‍රාදේශීය සභාවට පවරා ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා පවසයි.

ඒ් යටතේ පළමු අදියර යටතේ මාර්ග 15ක හදුනාගෙන ඇති අතර ඒ් කඩිනමින් පවරා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය .

මෙහිදි අදහස් දැක්වු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් කියා සිටියේ සභා බල ප්‍රදේශයේ මෙසේ පවරා නොගත් මාර්ග විශාල ප්‍රමාණයක් ඇති බවත් ඒවා සභාව සතු මාර්ග බවට පවරාගෙන සංවර්ධනය කළ යුතු බවය.

ඇතැම් මාර්ග විවිධ සංවර්ධන ව්‍යපෘති මගින් කාපට් සහ කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කර ඇති බවත් සභාව සතු බවට ගැසට් නොකිරිම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගි ඇති බවත් නියමු ව්‍යාපෘතියක් ලෙස මඩවල කොට්ඨාශයෙන් මෙම මාර්ග ගැසට් කිරිමට පළමු අදියර ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *