27 April 2024
#දේශීය

සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව හෙට සිට ලබා දෙනවා – රාජ්‍ය ඇමැති ‍ෂෙහාන් කියයි

දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල 28% ක සමෘද්ධි දීමනාව හෙට (14) දින සිට සමෘද්ධි ප්‍රතිලාභීන් හට ලබා දීමට නියමිත බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේදි අද දින (13) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බවත්, සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

ඒ අනුව මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද, රුපියල් 1500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බව රාජ්‍ය ඇමැතිවරයා සදහන් කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා, ” සමස්ථ අයවැය ලේඛනය තුල රුපියල් මිලියන 50,000 ක් අපි සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනාව සදහා ලබා දිමට කටයුතු කරන්න අය වැය ලේඛනය ඇතුලේ සුදානම් කරලා තිබුණා. මේ ඇති වෙච්ච වැඩිවීමත් එක්ක අපට අමතර රුපියල් මිලියන 15,000 ක් ඒ සදහා රජයට වැය වෙනවා. ඒ අනුව 2022 අවුරුද්ද තුල සමස්ථ වශයෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරනවා. අපි විස්වාස කරනවා මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟම රටේ ආර්ථික ක්‍රියාවලියට වැඩි දායකත්වයක් වගේම ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීමට අපේ රටේ ජනතාවට හැකි වීමත් සමඟම මේ රටේ ජනතාවට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇති වෙච්චි බලපෑමට සහයක් සහ ඉදිරියේදී තවත් ඔවුන්ගේ ආර්ථිය වර්ධනය කර ගැනීමට පහසුකම් සැලසීමට රජයට පුළුවන් වෙයි. යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *