අම්බලන්ගොඩ පොලිස් වසමේ ආදාදොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින සාර්ථක වැටලීමක් සිදුකර තිබේ. ඒ, ලද විශ්වාසවන්ත තොරතුරකට අනුව ක්‍රියාත්මක වෙමින් විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි වටිනා වාලම්පුරියක් සමඟිනි. මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු පනස් හතරක් වන ගොඩඋඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකරු සහ අත්අඩංගුවට ගත් වාලම්පුරිය ඉදිරි නීතිමය පියවර සඳහා අම්බලන්ගොඩ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.














