27 April 2024
#දේශීය

ගල්වලින් පහරදී අයෙකු මරුට

දන්කොටුව, ඇටියාවල ප්‍ර දේශයේදී පුද්ගලයෙකුට හිසට ගල්වලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල වී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (15) දින දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබු එම පුද්ගලයා දන්කොටුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් වු ඇටියාවල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පැවසුවේ කලක සිට තිබු පුද්ගලික ආරවුලක් දුර දිග යාම නිසා මෙම ඝාතනය සිදු ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දන්කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *