• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

7 July 2023
in දේශීය

ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ක්‍රියාවට නංවා තිබෙන බවත්, ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වළක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන එන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ” ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ලංකාව ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව ඉතා වගකීමෙන් යුතුව පුළුල් කාර්යභාරයක් ඉටු කරනවා. රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබා ගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ. ඒ වගේම රටක නීතියේ ආධිපත්‍ය, එරට ආර්ථික ස්ථාවරය පවත්වා ගැනීමට ප්‍රධාන සාධකයක් වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු නොවු කිසිදු රටක දියුණුවක් අපේක්ෂා කළ නොහැකියි. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රමාණාත්මක වෙනස්කම් සිදු කෙරුණා. පසුගිය කාලයේ ආරක්ෂක අංශ සඳහා නව බඳවා ගැනීම් සිදු නොකළත් ඉදිරියේදී යම් සීමාවන් තුළ බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නවා. මෙම විධිමත් කිරීමේ ක්‍රියාවලියේ දි ආරක්ෂක අංශවල කිසිවකුත් ඉවත් කිරීමක් සිදු වන්නේ නැහැ. මේ වන විටත් හමුදාව හැරයන පිරිස් සහ ඉවත් වී යන පිරිස් සම්බන්ධයෙන් සංගණනයක් සිදුකර තිබෙනවා. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 594ක පුද්ගලයන් 2247ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ අංශ සමඟ එක්ව ඔවුන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදු කරනවා. ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වලක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන සිදුකළ යුතු බව නිරීක්ෂණය වී තිබෙනවා. එබැවින් ඒවා කඩිනමින් සංශෝධනය කළ යුතුයි. 2016 සිට 2021 වසර දක්වා කාලය තුළ ආපදාවලින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමට රජය බිලියන 60ක් වැය කර තිබෙනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විට සාමාජිකයන් 33,000කින් සමන්විතයි. ඔවුන්ගෙන් විශාල පිරිසක් රටේ විවිධ ප්‍රදේශවල ඉදිකර ඇති අලිවැට ආරක්ෂා කිරීමට යොදවා තිබෙනවා. දැනට මෙරට වන අලි ගහණය 6,000ක් පමණ සිටිනවා. එම වන අලින්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අලිවැට ඉදිකිරීම වෙනුවෙන් මේ වන විට රුපියල් බිලියන 10ක් පමණ වැය කර තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශ නියෝජනය වන පරිදි ජාතික ශිෂ්‍ය භට ව්‍යාපාරය සඳහා සාමාජිකයන් 20%ක් බඳවා ගැනීම රජය සැලසුම් කර තිබෙනවා. එම පිරිස් සමාජ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර, එමගින් ඒ ඒ ප්‍රදේශවල සමාජ බුද්ධි ඒකක ලෙස ඔවුන් යොදවා ගැනීම අපේක්ෂාවයි. ආරක්ෂක අංශ සාමාජිකයන් විවිධ ආයතන සහ සේවාවල යොදවා ගැනීම මෙතෙක් සිදු වුණා. එම තත්ත්වය ඉදිරියේදී වෙනස්කර ආරක්ෂක අංශවල ගෞරවය ආරක්ෂා වන පරිදි ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා. අන්තවාදී දේශපාලන පක්ෂයක පිරිසක් උතුරේ පූජනීය ස්ථාන මූල් කර ගනිමින් නොවිය යුතු දේ සිදු කරමින් සිටිනවා. ඒවා රටක සිදු නොවිය යුතු දේවල්. උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. කවුරුන් හෝ සතුටු කිරීමේ අදහසින් ඒවා ලබාදීම සිදු නොවන අතර ඒවා සුදුසු හිමිකරුවන්ට ලබාදීමට පියවර ගනිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට රජය කමිටුවක් ද පත් කර තිබෙනවා. මේ වන විටත් උතුරේ ඉඩම්වලින් 80%ක් යළි ජනතා අයිතියට පවරා දී අවසන්. ඒ වගේම කිසිවිටෙකත් කිසිවෙකු සතුටු කිරීම වෙනුවෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ. නමුත් නිසි විමර්ශනයකින් අනතුරුව අවසන් තීන්දු තීරණ ගැනීමට රජය කටයුතු කරනවා. අද රටේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මතවාදීව වෙනස් වුවද මෙම අවස්ථාව සියලුදෙනා එකට එක්ව කටයුතු කළයුතු අවස්ථාවක් බව කිවයුතුයි යැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 10
Previous Post

තුවාල ලබා සිටි කලාවැව අග්බෝ වන අලියා වනජීවී නිලධාරීන් පසුපස හඹා පැමිණ කැලෑ වදියි

Next Post

ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

editor

editor

Next Post

ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved