27 April 2024
#දේශීය

තුවාල ලබා සිටි කලාවැව අග්බෝ වන අලියා වනජීවී නිලධාරීන් පසුපස හඹා පැමිණ කැලෑ වදියි

බඳින තුවක්කුවකට ගොදුරුවීමෙන් පාදයක් තුවාල ලබා සිටි අග්බෝ නමින් ප්‍රසිද්ධියට පත් වන අලියාට ප්‍රතිකාර ලබාදීමට පැමිණි වනජීවී නිලධාරීන් නොසන්සුන්කාරී තත්ත්වයන්ට පත්කරමින් කැලෑ වදියි.

කලා වැව රක්ෂිතයේ සැරිසරමින් සිටින මෙම වන අලියා බදින තුවක්කුවකට ගොදුරු වීමෙන් වම් පාදය බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර ඊයේ දින සිට තිරප්පනය, ඇතුන්ගම , උලගල්ල වැවේ සිට තිබේ.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් වනජීවි කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම වන අලියාට ප්‍රතිකාර සඳහා වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබේ.

මෙම වන අලියාට ප්‍රතිකාර සඳහා කටයුතු කරමින් සිටියදී වනජීවී සහ පශු වෛද්‍ය නිලධාරීන් පසුපස හඹා පැමිණ ප්‍රදේශවාසීන් ද බියට පත් කරමින් මෙම වන අලියා නැවත කැලෑ වැදී ඇත.

අද දින අග්බෝව නැවත සොයා ගැනීමට හැකි වූ අතර මේ වන විට ඇතාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.බඳින තුවක්කුවට වම් පාදය හසු වීම නිසා පාදය බරපතල ලෙස රෝගාතුර වී ඇති බවයි වනජීවි නිළධාරීන් ප්‍රකාශ කරන්නේ.
පණ්ඩුලගම පශු වෛද්‍ය කණ්ඩායම මෙම වන අලියාට සාර්ථකව ප්‍රතිකාර කටයුතු කිරීම සිදු කළ ද ඇතාගේ පාදයට දැඩිලෙස හානි සිදු වී තිබෙන නිසා නිරන්තරව තවත් අවස්ථා කිහිපයක දී ප්‍රතිකාර කළ යුතු බවයි.

 

 

තිසර සමල් සෝමරත්න – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *