මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (09) පෙරවරු 11.00 සිට හෙට (10) පෙරවරු 11.00 දක්වා මෙම නිවේදනය බලාත්මක වේ.
අදාළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
















