සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වය මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට විශේෂයෙන් බලපෑ හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසයි.
















