යල කන්නයේ වී වගා කටයුතු සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව බෙදාහැරීමේ කටයුතු සාර්ථකව සිදුවන බව වාර්තා වේ. ඇතැම් පාර්ශවයන් පොහොර හිඟයක් පවතින බවට ප්‍රචාර ගෙන ගියද, සෑම ගොවිජන ප්‍රදේශයකම අවශ්‍ය තරම් පොහොර තොග පවතින බවත්, ගොවීන් වෙත ඒවා මේ වන විටත් නිකුත් කර ඇති බවත් ප්‍රදේශයේ ගොවීහු තහවුරු කරති.
මේ අතර, ගිරිතලේ ව්‍යාපාරයට අයත් අක්කර 7,500ක වගා කටයුතු වෙනුවෙන් දියවර නිකුත් කිරීම ද ආරම්භ කර ඇති අතර, එම ගොවි ව්‍යාපාරයට අවශ්‍ය පොහොර තොග බෙදාදී අවසන් කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ රට පුරා පොහොර හිඟයක් නොමැති බවත්, කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය පියවර ගෙන ඇති බවත්ය.














