• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුව සැරියේ පස්වන සංවත්සරයට සුදර්ශනීත් හර්ෂත් සුභ පතයි

28 July 2021
in දේශීය

1990 සුවසැරිය මෙරට ආරම්භ කොට අද (28) දිනට වසර පහකි. 

පස්වන සංවත්සරයට විෂය භාර ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සුභාශිංසන එකතු කරනු ලබන්නේ හදපිරි සතුටිනි. 

අප රටේ ගිලන් රථ සේවාව බොහෝ විට සිදුවූයේ රෝහලක සිට තවත් රෝහලකට වුවත් 1990 සුවසැරිය හරහා අලුත් අත්දැකීමක් ලබාදෙමින් නිවසේ සිට රෝහල වෙත යාමට අවශ්‍ය පහසුකම ලබාදීමට කටයුතු කිරීම වැදගත් කොට සැලකිය යුතුය. එහි ඇති විශේෂිතම කාරණය වන්නේ එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් වීමයි. නිවසේදී අසාධ්‍ය තත්වයට පත්වන රෝගියෙකු මිනිත්තු 12කටත් අඩු කාලයකදී රෝහලක් වෙත ගෙනයාමට සුවසැරිය කණ්ඩායම කැපවී සිටින අතර ඒ වෙනුවෙන්ම සැකසූ ක්‍රමවේදයක් සුවසැරිය සතුය. රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර සේවාව ඇතුළුව හදසි අවස්ථා කළමනාකරණය කරගැනීමේ ශක්‍යතාවයකින් යුත් සුවසැරිය හුදු ගිලන් රථ සේවාවක් සපයන කණ්ඩායමක් පමණක් නොවේ. ඔවුන් කැපවීම, වගවීම සහ වගකීම කරටගත් පුහුණු කාර්ය මණ්ඩලයකින් යුක්ත කණ්ඩායමක් බව කිවයුතුය.

1990 සුවසැරිය හරහා ලංකාව පුරා නාගරික සහ ග්‍රාමීය ජනතාව වෙත විශාල සේවාවක් ඉටුකිරීමට හැකියාව ලැබී ඇති අතර දිනකට සේවාව ලබාගැනීමට ලැබෙන ඇමතුම් ප්‍රමාණය 5000කට අධික අතර රෝගීන් රෝහල්ගත කිරීම් දිනකට දහස ඉක්මවනු ලබයි. කාර්ය මණ්ඩලය 1394ක් වූ සුවසැරිය සතු ගිලන් රථ සංඛ්‍යාව 297කි. එහි ධාරිතාවය වැඩිකිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුවී ඇති අතර අලුතින් ගිලන් රථ 112ක් එක් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

වසර පහක කාලය තුළ සුවසැරියෙන් ඉටුවූ කාර්ය භාර්ය පිළිබදව අවධානය යොමු කිරීමේදී සේවාව ලබාගැනීම වෙනුවෙන් මේවන විට ඇමතුම් 4170125ක් සුවසැරිය වෙත ලැබී ඇති අතර රෝගීන් වෙනුවෙන් රෝහල්ගත කිරීම් ඇතුලුව සිද්ධීන් 903438කට සෘජු දායකත්වය ලබාදී තිබේ. කොවිඩ් 19 මැඩලීමේ සටනේදී සුවසැරියේ කාර්ය භාර්ය සුවිශේෂී එකක් වූ අතර කොවිඩ් දෙවන රැළ්ලේ සිට මේ දක්වා රෝගීන් 67962ක් රෝහල් කරා ගෙනයාමට දායකත්වය ලබාදී ඇත.

රටේ ජනතාවට දැනෙන සේවයක් සිදුකෙරෙන සේවාවක් ලෙස සුවසැරිය සේවාව රටේ ජනතාවගේ විශ්වාසය දිනා ඇති මෙහොතක පස්වෙනි සංවත්සරය සමරන මොහොතේ මෙවැනි සේවාවක් ආරම්භ කිරීමට දායකත්වය දැක්වූ සියලු පාර්ශවයන්ටත් සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් මාගේ සුභාශිංසන පිරිනමන අතර කොවිඩ් 19 හමුවේ නොපැකිළිව සේවය ඉටුකරන සියලු දෙනාටම මාගේ කෘතවේදීත්වය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සුවසැරියේ පස්වන සැමරුමට මෙසේ සුභාශිංසන එක්කරයි.. “අද මෙම සේවාව පස්වන සංවත්සරය සමරන්නේ ඉමහත් අභිමානයෙන්. මෙම සේවාව අද තිබෙන තත්ත්වයට රැගෙන ඒමට ඇප කැපවූ සුවසැරිය කාර්ය මණ්ඩලය ඇතුළු සියළුම දෙනාට මා හිස නමා ආචාර කරනවා. විශේෂයෙන්ම මෙම සේවාවට අඛණ්ඩව ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත් මෙහි ප්‍රධාන විධායක නිළධාරී සොහාන්ද සිල්වා මහතාටත් මා විශේෂ ස්තූතියක් පුදකරනවා. මේ වසර පහ තුළදී මෙම සේවාව මගින් රටට කළ සේවය ඉදිරි දශකය තුළදී තව තවත් වර්ධනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ නිසා, මෙම සේවාව පස්වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ මා රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි අවශ්‍යතාවය හොඳින් අධ්‍යනය කර මෙම සේවාවේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසයි. එය අනිවාර්යෙන්ම ඉතා වැදගත් සමාජ ආයෝජනයක් බවට පත්වේවි.“

 

Post Views: 16
Previous Post

DFCC Leasing Flash Promo නමින් පැය 24ක සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

Next Post

සූර්ය පැනල විදුලි ව්‍යාපෘති සඳහා අයක්‍රම සංශෝධන කමිටුවක් පත් කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

editor

editor

Next Post

සූර්ය පැනල විදුලි ව්‍යාපෘති සඳහා අයක්‍රම සංශෝධන කමිටුවක් පත් කල යුතුයි - රාජ්‍ය අමාත්‍ය දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved