• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අඩුපාඩු රෝහලින් විමසා ලබා දෙන්න.. වංචාවන්ට හසුනොවන්නැයි සුදර්ශනි ධනපතියන්ට කියයි

23 May 2021
in දේශීය

රෝහල්වලට අවශ්‍ය වන උපකරණ යැයි සදහන් කරමින් තමාගේ නම ඈදාගනිමින් විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන ලෙස රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැනුම් දෙයි.

කොවිඩ් රෝගය වැළදුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒකක ඇතුලුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා දානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විවිධ ආයතන හා පුද්ගලයින් විසින් සිය දායකත්වය ලබාදීම පිළිබදව අමාත්‍යවරිය ඔවුන්වෙත සිය කෘතවේදීත්වය පුදකර සිටී.

එහෙත් ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් මේ වසංගත අවස්ථාවේ අමාත්‍යවරියගේ නම භාවිතා කර ව්‍යාජ පුවත් මවමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සදහන් කළ ව්‍යාජ ලැයිස්තු ඉදිරිපත්කර ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇත. Sri Lanka Unites නමින් පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලයිස්තුවක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නම භාවිතා කර ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත සාවද්‍ය වන අතර ඒ සදහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ ලබානොදෙන ලෙස අමාත්‍යවරිය ඉල්ලා සිටී. එවැනි ඉල්ලීමක් අමාත්‍යවරිය විසින් ඔවුන්ගෙන් සිදුකර නොමැත. මේ පිළිබදව විමසා බැලීමට ඔවුන් ප්‍රසිද්ධ කර ඇති දුරකතන ඔස්සේ කිහිප විටක් උත්සාහ ගනු ලැබුවද සම්බන්ධ කර ගැනීමට නොහැකිවිය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල නාම ප්‍රවර්ධනය හෝ ආයතන ප්‍රවර්ධනය නොව අවශ්‍යතාවට සරිලන වෛද්‍ය උපකරණ ලබාදීම පමණක් වන බැවින් අදාල රෝහල් විමසා අවශ්‍යතාවට පමණක් සරිලන උපකරණ පරිත්‍යාග කිරීම ප්‍රමාණවත් වන අතර ඒ සදහා තමාගේ නාමය යොදාගැනීම අවශ්‍ය නොවන බවත් තමන් සිදුකරනු ලැබුවේ දෙස් විදෙස් දානපතියන්ගේ අවදානය ඒ වෙත යොමු කිරීම පමණක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර සිටී.

 

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි

Next Post

ළිං මැඩියෝ වගේ හිතන්න එපැයි යැයි ලාන්සා විපක්ෂයට කියයි

editor

editor

Next Post

ළිං මැඩියෝ වගේ හිතන්න එපැයි යැයි ලාන්සා විපක්ෂයට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved