ගල්අඟුරු ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රකාශය මගින් බරපතළ ගැටලුවක් මතු කර ඇති බව එම කොමිසමේ ලේකම් බන්දුල සේන මහතා පිළිගත් බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි.
ගල්අඟුරු වංචා සෙවීම සඳහා අප්‍රේල් 17 වනදා ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළත් වන අතර එයට පූර්ණ අධිකරණ බලය හිමිව තිබේ. තංගල්ල මැයි දින වේදිකාවේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා පවසා ඇත්තේ, මාස තුනකින් කොමිසමේ වාර්තාව ලැබෙන බවත්, ඉන් ආණ්ඩුව නිදහස් වී විපක්ෂයේ කිහිප දෙනෙකුට හිරේ යාමට සිදුවන බවත්ය. ජනාධිපතිවරයා විසින් මාස හයකින් වාර්තාව ලබා දීමට නියම කර තිබියදී, එහි කාලය සහ ප්‍රතිඵලය පිළිබඳව ටිල්වින් සිල්වා මහතා කලින්ම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ ටිල්වින් සිල්වා මහතාව වහාම අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස බණ්ඩාර මහතා කොමිසමේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ. ටිල්වින් සිල්වා මහතා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වැනි ස්වාධීන ආයතනවලට බලපෑම් කරමින් සිටින බවට බණ්ඩාර මහතා වැඩිදුරටත් චෝදනා කරයි.














