රුපියල් කෝටි 22කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජූලි 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීම හරහා මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මෙතෙක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවිය.
















