වත්මන් ආණ්ඩුවට ආර්ථික සංකල්ප ගැන නිසි අවබෝධයක් නොමැති අතර, ආර්ථිකය ක්රමයෙන් පහළට යමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව විවෘත ආර්ථිකයකට යා යුතු වුවද ඔවුන්ගේ න්යාය වන්නේ සමාජවාදී හා මාක්ස්වාදී න්යාය බවයි. රටේ ආයෝජන පහළ වැටී ඇති බවත්, ඉදිරියේදී ආර්ථිකය යළි කඩා වැටුණහොත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ මෙන් රටේ ජීවත්විය නොහැකි අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















