සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා වන විශේෂ ප්‍රවාහන සේවා අද (15) දහවල් සිට ආරම්භ කර තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සඳහන් කරන්නේ අප්‍රේල් 09 සිට ඊයේ දක්වා පමණක් රුපියල් මිලියන 600කට අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව ද මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් එක් කර ඇති අතර, පෞද්ගලික බස් රථ ධාවනය අද දිනයේ සීමිත මට්ටමක (30% ක් පමණ) පවතින බව වාර්තා වේ.














