• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා –  සුනිල් හඳුන්නෙත්ති කියයි 

14 September 2018
in දේශීය
සිංගප්පූරු ගිවිසුම කියන්නේ රටේ මූලික නීතියටත් ව්‍යවස්ථාවටත් පටහැණිව අත්සන් කරපු එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ,  පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ  ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කර තිබෙන සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස සම්මන්ත‍්‍රණය අමතමින්. 

එහිදී හදුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” සිංගප්පූරු – ශී‍්‍ර ලංකා වෙළඳ ගිවිසුම් ද්වීපාර්ශ්වීය ගිවිසුමක්. එම වෙළඳ ගිවිසුමට අනුව කේවල් කිරීමේ හැකියාව සමාන බව හඟවනවා. නමුත් ශී‍්‍ර ලංකාව වැනි රටක් මෙවැනි ගිවිසුම්වලට යාමේදී ගැටලූවක් තිබෙනවා. මොකද අපේ රටේ දළ ජාතික ආදායමත් අඩුයි. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වගේ ගණනක් තමයි තිබෙන්නේ. නමුත් සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඩොල්ර් 55,000ක් පමණ වෙනවා. මෙවැනි පරතරයක් තිබියදී ද්වීපාර්ශ්වීය ගිවිසුමකදී අපි වැනි රටකට අවාසි සහගතභාවය වැඩියි. මෙම ගිවිසුමට ඇතුළත්වීමේදි අපේ අවශ්‍යතා මොනවද කියලා සැලකිල්ලට ගත්තද කියන කාරණය ගැටලූවක්. ඒ වගේම මේ ගිවිසුම අත්සන් කරන්න මැදිහත් වුණේ කවුද යන්නත් ගැටලූවක්. එයට මැදිහත්වූ පිරිස ආර්ථික දැනුමක් තිබෙන ගිවිසුම් පිළිබඳව අවබෝධයක් තිබෙන අයද යන්න ගැටලූවක්. 
 
මෙම වෙළඳ ගිවිසුමේ පිටු 1083ක් තිබෙන බව කියනවා. මෙහි පදනම වෙලා තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ සම්මුති දෙකක්. එම සම්මුතිවල පැහැදිලි ලෙස සඳහන් වෙන්නේ වෙළඳපොළ විවෘතකරණයයි. ඒ අනුව මෙම සිංගප්පූරු වෙළඳ ගිවිසුමට ඇතුළත් වෙනවා කියන්නේ ගිවිසුමට ඇතුළත් ක්ෂේත‍්‍රයන් ඉතාම පුළුල් විය යුතු බවයි. මෙම ගිවිසුමේ දීර්ඝ භාණ්ඩ ලැයිස්තුවක් තිබෙනවා. එම ලැයිස්තුව 7000කට අධික ප‍්‍රමාණයක් වෙනවා. මේ තරම් පුළුල් භාණ්ඩ ලැයිස්තුවක් ගිවිසුමට ඇතුළත් වීමේදී අපිට එම භාණ්ඩ ආනයනය අපනයනය පිළිබඳව ඇගයීමක් තිබෙනවාද? 
 
මෙම ද්විපාර්ශ්වීය ගිවිසුම අත්සන් කිරීමේදී එක් රටක් සංවර්ධිත රටක් හා අනෙක් රට සංවර්ධනය වෙමින් පවතින රටක් නම් නම්‍යශීලී බවක් නැහැ. අපි අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී එක හා සමාන පාර්ශ්වකරුවන් ලෙස සලකලා තමයි ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. සිංගප්පූරුව කියන්නේ සම්පූර්ණම විවෘත වෙළඳපොළක්. සිංගප්පූරුවේ ලියාපදිංචි වන  ඕනෑම පුද්ගලයෙකු මේ ගිවිසුම අනුව වෙළඳාමට මැදිහත් මිය හැකියි. ඒ අනුව මේ සියලූ දෙනාටම අපේ රටේ වෙළඳාමට ඇතුළු වීමට හැකියාව තිබෙනවා. මෙම ගිවිසුම මගින් භාණ්ඩ විශාල ප‍්‍රමාණයක තීරුබදු නිදහස් කරනවා. මෙම ගිවිසුමට අනුව ශී‍්‍ර ලංකාවට රටක් ලෙස අප ආනයනය හෝ අපනයනය කරන භාණ්ඩ පිළිබඳව සීමා කිරීම් හෝ වාරණය කිරීම පිළිබඳව කිසිදු තීරණයක් ගැනීමට හැකියාවක් නැහැ. 
 
සිංගප්පූරුව රටවල් 19ක් සමග ද්විපාර්ශ්වීය ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. බහු පාර්ශ්වීය ගිවිසුම් 9ක් පිළිබඳව වාර්තා වෙනවා. ශී‍්‍ර ලංකාවත් මෙවැනිම ගිවිසුම් කීපයකට අත්සන් කොට තිබෙනවා. නමුත් එම ගිවිසුම්වල ප‍්‍රතිඵල පිළිබඳව කිසිදු විශ්ලේෂණයක් කර නැහැ. ඉනදු-ලංකා ගිවිසුම් පාකිස්ථානය සමග අත්සන් කරන ලද ගිවිසුම් අනුව ආනයනය අපනයනය ප‍්‍රමාණයන් වැඩිවෙලා නැති බව දක්නට ලැබෙනවා. එම ගිවිසුම්වලින් අපිට වාසියක් අත්වෙලා නැහැ. සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ වාසි වෙන කරුණු කිහිපයක් කෙනෙකුට පෙන්නන්ට පුළුවන් වුණත්, අපිට අවාසි වෙන කරුණු ගණනාවක් තිබෙනවා. අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාරණාව බරපතළ එකක්. සිංගප්පූරුව වැනි රටකට අප ද්‍රව්‍ය බැහැර කිරීම, ප‍්‍රතිචකී‍්‍රයකරණය, අපහසු කාරණයක්. ඔවුන් අපද්‍රව්‍ය කළමනාකරණයට පෙළඹෙන්නේ නැහැ. ඔවුන් මීට පෙර චීනය, පකිස්ථානය වැනි රටවල්වලට අපද්‍රව්‍ය බැහැර කළා. එම රටවල් එම කි‍්‍රයාවලිය සම්පූර්ණයෙන්ම නතර කොට තිබෙනවා. ලංකාව වැනි රටක් පරිගණක කොටස්, රෝහල් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවා. එහි ප‍්‍රතිවිපාක ගැන බරපතළ ලෙස සිතන්නේ නැහැ. එනිසා අපේ රටට සිංගප්පූරු වෙළඳ ගිවිසුම මඟින් ඉතා හානිකර අපද්‍රව්‍ය බැහැර කිරීමේ හැකියාව ලැබෙනවා. 
 
මෙම සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව ඒ ඒ ක්ෂේත‍්‍රවලට බලපාන ආකරය පිළිබඳව පුළුල් ලෙස කතාකරන්න පුළුවන්. නමුත් වැදගත් කාරණය වන්නේ රටේ ජනතාව ලෙස අපි මේකට මොකද කරන්නේ කියන එකයි. මීට එරෙහිව කිසිවක් නොකර නිකං ඉන්න පුළුවන්.  මොකද මෙම වෙළඳ ගිවිසුමෙන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් බොහෝ වෙලාවට රටේ පුරවැසියන්ට තනි තනි ලෙස සිදුවන බලපෑම නොදැනෙන්න පුළුවන්. එසේ නොමැති නම්, ගිවිසුමේ නරක කතා නොකර, හොඳදේ විතරක් කතා කරන්න පුළුවන්. සුරංගනා කතා ටිකක් කියලා, ගිවිසුම වර්ණනා කරලා, ඩොලර් ටිකක් හොයා ගන්න පුළුවන්. නමුත් යම් යම් අවස්ථා අපිට වාසිදායක වුණත් වැඩිපුර තිබෙන්නේ, අපේ රටේ ආර්ථිකය විනාශ කරන වගන්තියි. කිතුල් නිෂ්පාදනය වැනි කුඩාම නිෂ්පාදනයන් දක්වා බිඳ වට්ටන වගන්ති මෙම ගිවිසුමේ ඇතුළත් වෙලා තිබෙනවා. එනිසා අපි කළ යුතුව තිබෙන්නේ ඒ ඒ ක්ෂේත‍්‍ර ගැන අවධානයට ලක්කොට ගිවිසුමේ ඇති කාරණා විවේචනයට ලක්කිරීමයි. නමුත් අපි විවේචනය කළ පමණින් මෙම ගිවිසුම අකුළා ගත හැකිද? ගිවිසුමේම සඳහන් වන ආකාරයට මෙම ගිවිසුම අකුළා ගන්නේ නම් අපි ගෙවිය යුතු මිල අධික එකක්. ඒ වගේම මෙම ගිවිසුම අනන්ත කාලයක් කි‍්‍රයාත්මක වීමට නියමිතයි. ගැටලූව තිබෙන්නේ මෙතරම් අවාසිදායක ගිවිසුමක් අනන්ත කාලයකට අත්සන් කළේ ඇයිද යන්නයි. එනිසා ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි. 
 
මෙම පවතින ආර්ථික ක‍්‍රමය යටතේ එක ගිවිසුමක් පරාජය කරන විට තවත් ගිවිසුම් ගණනාවක් පෝළිමේ එනවා. මේ වන විටත් අත්සන් නොකරන ලද ගිවිසුම් 25ක් පමණ ව්‍යාපෘති ලෙස මුදල් අමාත්‍යාංශයේ පෝ්ළිමේ තිබෙනවා. එනිසා එක ගිවිසුමකට විරෝධය පළ කළ පමණින් මේ වැඬේ නවතින්නේ නැහැ. එනිසා මම යෝජනා කරන්නේ අමාරු වුණත්, කළ යුතු දෙයක්. අපි ආණ්ඩුවට විරෝධය පළ කිරීමෙන් එහාට යන්න  ඕනෑ. රටේ මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළන ගිිවසුම් අත්සන් කරන ආණ්ඩු වෙනුවට ජනතාව සම්බන්ධ වුණු ආණ්ඩුකරණයක් අපි විසින් හදා ගන්න  ඕනෑ. එවැනි ආණ්ඩුවකට මෙවැනි ජනතා විරෝධී ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාවක් නැහැ. අමාරු වුණත් එවැනි දෘෂ්ටිකෝණයකට අපි ගමන් කළ යුතුව තිබෙනවා. යැයි හදුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. 
Post Views: 5
Previous Post

රනිල්ව ආයේ මාකට් කරන්න බෑ! පොරොන්දු ඉටු කරනකම් එකතු වෙන්නෙත් නෑ … – සුගත් චන්ද්‍රසේකර  

Next Post

ජනපතිගේ හදිසි කැබිනට් රැස්වීම…….!

editor

editor

Next Post

ජනපතිගේ හදිසි කැබිනට් රැස්වීම.......!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved