විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය. මෙහිදී දිවයින පුරා ක්‍රියාත්මක සංචාරක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි අයවැයෙන් මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කිරීමට යෝජිත ප්‍රතිපාදන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
රටේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා නව ව්‍යාපෘති සහ වැඩසටහන් රැසක් පිළිබඳව මන්ත්‍රීවරුන් විසින් මෙහිදී අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.
තවද, ශ්‍රී ලංකාව විදේශීය රටවල් සමඟ එළඹ ඇති වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ද කාරක සභාව අවධානය යොමු කළේය. විදේශ වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා මේ වන විටත් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන්හේමචන්ද්‍ර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.
















