බටහිර පැසිෆික් සාගර කලාපයේ හටගෙන ඇති අතිශය විනාශකාරී 5වන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන ‘චම්පි’ (Champi) සුපිරි සුළි කුණාටුව පැයට කිලෝමීටර් 295කට ආසන්න අතිශය ප්රබල වේගයකින් ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරයි. සුළඟේ වේගය මත පදනම්ව 2026 වසර තුළ පෘථිවිය මත හටගත් බලවත්ම සුළි කුණාටුව ලෙස සැළකෙන මෙය, එල් නිනෝ කාලගුණ විපර්යාසය සමඟ සාගර ජලයේ අධික උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කෙටි කාලයක් තුළ මෙලෙස අතිශය ප්රබල තත්ත්වයට පත්ව ඇතැයි කාලගුණ විද්යාඥයෝ පෙන්වා දෙති.
ජපානයේ දකුණු දිග ඔකිනාවා දූපත් සමූහය දෙසට මේ වන විට වේගයෙන් ගමන් කරමින් ඇති මෙම චම්පි සුළි කුණාටුව එළඹෙන සති අන්තයේදී එරටට කඩාවැදීමට නියමිත බව වාර්තා වේ. 2026 වසර තුළ ජපානයට බලපෑම් එල්ල කරන 30 වන නම් කරන ලද කුණාටුව ලෙස හැඳින්වෙන මෙම තත්ත්වය හමුවේ එරට බලධාරීන් සහ අදාළ අංශ දැඩි අවධානයකින් සහ සූදානමින් පසුවේ.
















