• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් සඳහා චීනයෙන් සහාය

8 April 2021
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගැනීමට හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සියුලර් ලී ගුආන්ග්ජුන් (Li Guangjun), තෙවන ලේකම් ඩෝන්ග් ෂිආකුන් (Dong Xiakun) හා ෂූ මින් (Zhu Min) යන මහත්ම මහත්මීහු සමඟ සාකච්ඡාවක් පැවැතිවිණි.

මෙම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවට උචිත කර්මාන්තවල මූලාකෘති නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ජාතික කාර්මික උද්‍යානයක් (National Industrial Park) පිහිටුවීම ද වන අතර එය රත්මලාන ප්‍රදේශයේ අක්කර 16ක භූමි භාගයක ඉදි කිරීමට නියමිතය. ‘එක් ගමකට එක් කර්මාන්තයක්’ (Industry for a Village) ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රජාව ව්‍යවසායකයන් බවට සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

එසේම කෘෂි ආහාර සහ මත්ස්‍ය ආහාර සැකසීමේ කලාපයක් (Agro Food and Fish Processing Zone) පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ 4 වන කාර්මික විප්ලවයේ ප්‍රධාන මෙවලම වන සෙමිකන්ඩක්ටර්ස් නිෂ්පාදනය සදහා චීන ආයෝජකයන් කැදවීම (Establishment of Semiconductor Manufacturing Industries in Sri Lanka) යන ව්‍යාපෘති ඒ අතර වේ. තවද චීන – ශ්‍රී ලංකා උසස් කාර්මික පුහුණු ආයතනයක් (China – Sri Lanka Advanced Industrial Training Institute) පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

චීනයේ දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩසටහන්වල අත්දැකීම් ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීම සඳහා යොදාගත හැකි අන්දම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ඉහත ව්‍යාපෘති ග්‍රාමීය ප්‍රජාව වෙත රැගෙන යාමේදී එම අත්දැකීම් බෙහෙවින් වැදගත් වන බවය. 1956 සිට ඇරඹි චීන – ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මේ වන විට වසර 63ක් සම්පූර්ණ වී ඇති බවත් එමගින් ලැබෙමින් පවතින ප්‍රතිලාභ මෙසේ ශ්‍රී ලංකාවේ ජාතික කාර්මිකරණය වේගවත් කිරීමට යොදා යොදාගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් චීන රජයට සිය ප්‍රණාමය පුද කරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල⁣යේ සභාපති උපසේන දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

 

Post Views: 47
Previous Post

පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා

Next Post

පාම් ඔයිල් ආනයනය තහනම් කළේ මහජන සෞඛ්‍යයට අහිතකර නිසයි – ජනපති මාධ්‍ය 

editor

editor

Next Post

පාම් ඔයිල් ආනයනය තහනම් කළේ මහජන සෞඛ්‍යයට අහිතකර නිසයි - ජනපති මාධ්‍ය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved