27 April 2024
#දේශීය

හෙට සිට කොවිඩ් පාලනයට වෙනදාටත් වඩා සහය දෙන්න – සෞඛ්‍ය ඇමති කෙහෙලිය කියයි

සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යං‍ශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ලොව ඇතැම් රටවල්හි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් අභියෝගයෙන් පලා යද්දී මෙරට සෞඛ්‍ය අංශ ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් කළ බවයි.

සමහර රටවල ඇතැම් පිරිස් සේවයට වාර්තා නොකර රැකියාවෙන් පවා ඉවත්ව කොවිඩ් හමුවේ පලා ගිය බවද හෙතෙම පැවසිය. එහෙත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පුදුමාකාර කැපකිරීමක් කළේ යැයිද , එයට රටේ සමස්ත ජනතාවම ප්‍රසාදය පළ කරන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “කොවිඩ් වසංගතය සමග සමස්ත ලෝකයම ප්‍රශ්න හා ගැටළු වල පැටලී සිටින අවස්ථාවකි මෙය. රටක් හැටියට ගත යුතු තීරණ ගණනාවක් විද්‍යාත්මක පදනම් තුල සිටිමින් අපට ගැනීමට සිදු වුණා. එම තීන්දු සියල්ල මිහිරි තත්ත්වයේ එ්වාම නොවෙයි. සමහර අවස්ථාවල අමිහිරි තත්ත්වයන්ටද අපට මුහුණ දීමට සිදුවේ. ව්‍යාපාර, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජිවිත මෙන්ම ආදායම් මාර්ග සම්බන්ධව රටක් ලෙස කටයුතු කළ යුතුයි. ආර්ථික වේගය ඉදිරියට ගෙන යාමට මෙන්ම එ් හා බැඳුණු ප්‍රශ්න වලට අප රටක් ලෙසින් මුහුණ දිය යුතු වේ. මේ මොහොතේද අප එයට මුහුණ දෙමින් සිටී.සෞඛ්‍ය උපදෙස් වලට උපරිම අවකාශයක් ලබා දෙමින් බොහෝ දුරට මෙය පාලනය කිරීමට පසුගිය වකවානුව තුළ විවිධ අවස්ථාවනහ්දී තීන්දු තීරණ රැසකට එළඹීමට සිදු විය. සමහර පිරිස් හට කිවහැකිය හැකිනම් රට මුළුමනින්ම මාස තුනකට වසා දමන්න කියා. එහෙත් රටේ ආර්ථික, සමාජ වටපිටාව සැලකිල්ලට ගත යුතුයි. විටින් විට ඇති වූ තත්ත්වයන් මත රට වසා දැමීමට සිදු විය. මේ තුළ හොඳ- නරක, නින්දා -ප්‍රශංසා ගැරහුම් ආදී සියල්ල එල්ල වීම සාමාන්‍ය දෙයකි.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *