27 April 2024
#දේශීය

අමානුෂික නවකවදය මුළුමනින්ම පිටුදැකිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය සුරේන්

විශ්ව විද්‍යාලයන්හි ක්‍රියාත්මක වන අමානුෂික නවකවදය මුළුමනින්ම පිටුදැකිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සිදුවූ නවකවද සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (21)අධ්‍යාපන අමාත්‍යශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම එයට සම්බන්ධ වන ශිෂයින්ට එරෙහිව ක්‍රියාත්මක වීමට වර්තමානයේ ක්‍රියාත්මක වන නීති ප්‍රමාණවත් බවත් ඒ සදහා නව නීති අත්‍යාවශ්‍ය නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තවද විශ්වවිද්‍යාල තුළ මෙවැනි සිදුවීම් ක්‍රියාත්මක කරන ශිෂයින්ට තරාතිරම නොබලා කටයුතු කළයුතු බවද ඔවුන්ව රජයේ විශ්වවිද්‍යාලවල පංති තහනමට අමතරව විශ්වවිද්‍යාලයෙන් පිරිනමන උපාධියද අවලංගු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම වරදකරුවන් වට ඔප්පු වන අයට රජයේ රැකියා නොලැබෙන අයුරින් අසාදු ලේඛන ගතකිරීමට වැඩපිළිවෙළෙක් සැකසීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *