වර්ථමානයේ දේශීය හා ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ධීවර නීති යාවත්කාලීන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට ලෝක ආහාර සංවිධානය තීරණය කර ඇත.
ඒ අනුව ඇනා ඔලිවර්ට් ඇමාඩෝ මහත්මිය සහ බුබා බොජෑන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුහු පසුගිය 12 වන දින ධීවර අමාත්‍යාංශයේදී, අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හමුවුහ.
මෙම දූත පිරිස ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය, ධිවර දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට කටයුතු කරති.
මෙම අවස්ථාව සදහා ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධීවර අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් (තාක්ෂණ) ධම්මික රණතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.