චීනයේ ටිබෙට් කලාපයට අද (27) රාත්‍රියේ රික්ටර් මාපක 5.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් එල්ල වී ඇති බව ජර්මානු භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) තහවුරු කරයි.
ටිබෙටයේ උතුරු ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන තිබේ. සිය ගණනකට මරු කැඳවමින් විශාල පිරිසක් අතුරුදන් වූ නේපාල සහ චීන කලාපීය මහා ගංවතුර ව්‍යසනය සිදුවූ ස්ථානවල සිට සැතපුම් සිය ගණනක් උතුරින් මෙම භූකම්පනයේ කේන්ද්‍රය පිහිටා ඇත. මෙම තත්ත්වයත් සමඟ ආශ්‍රිත ජලාශ සහ විලවල බැම්ම බිඳී යාමේ අවදානම හේතුවෙන් චීන බලධාරීන් විසින් ටිබෙටය පුරා IV වන මට්ටමේ හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර විශේෂඥ කණ්ඩායම් යොදවා තිබේ.














