• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

6 May 2026
in දේශීය, පුවත්
විද්‍යා ඝාතන නඩුවේ  විත්තිකරුවන් 4කගේ  මරණ දඬුවම  ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

2015 වසරේ යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තහවුරු කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලද්දේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා නිෂ්ප්‍රභ කරමිනි. අභියාචනා ඉදිරිපත් කළ විත්තිකරුවන් අතරින් සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරු වූ අතර තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමට අධිකරණය නියම කළේය. මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මියගොස් ඇති බව ද වාර්තා වේ. මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 2017 වසරේදී යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුවේ විත්තිකරුවන් හත් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර අභියාචනා ඉදිරිපත් වූයේ එම දඬුවමට එරෙහිවයි. 2015 මැයි මස 13 වනදා සිදුවූ මෙම අතිශය කනගාටුදායක සහ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාවලිය වසර 11කට පසු මෙලෙස අවසන් තීන්දුවකට එළඹ තිබේ.

Post Views: 22
Previous Post

පොලිස් ත්‍යාග අරමුදලින් ලක්ෂ 35ක් වංචා කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Next Post

ගල්ෆ් සහ මැදපෙරදිග අනාගතයේ තීරකයා එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ගල්ෆ් සහ මැදපෙරදිග  අනාගතයේ තීරකයා  එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි

ගල්ෆ් සහ මැදපෙරදිග අනාගතයේ තීරකයා එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved