• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගල්ෆ් සහ මැදපෙරදිග අනාගතයේ තීරකයා එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි

6 May 2026
in පුවත්, විදෙස්
ගල්ෆ් සහ මැදපෙරදිග  අනාගතයේ තීරකයා  එම රටවල්ම විය යුතුයි චීනය අවධාරණය කරයි
ගල්ෆ් කලාපයේ සහ මැදපෙරදිග රටවල් සිය අනාගතයට අදාළ තීන්දු තීරණ ගැනීමේ සැබෑ තීරකයන් විය යුතු බව චීනය අවධාරණය කර තිබේ. චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව ප්‍රකාශ කළේ චීනයේ සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා අද (06) බෙයිජිංහිදී හමු වූ අවස්ථාවේදීය.
ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී ඉරාන-ඇමෙරිකා සාම සාකච්ඡාවල වත්මන් තත්ත්වය සහ ඉරානයේ ස්ථාවරය පිළිබඳව චීන පාර්ශ්වය දැනුවත් කළේය. ජාතික ස්වාධිපත්‍යය හා ගෞරවය සුරකිමින් යුද ගැටුම්වලට සාමකාමී හා දිගුකාලීන විසඳුමක් සෙවීමට ඉරානය උත්සාහ කරන බව හෙතෙම සඳහන් කළේය. යුද ගැටුම් නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා පිළිගන්නා බවත්, ඒ වෙනුවෙන් චීනය සක්‍රිය දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
චීන විදේශ අමාත්‍ය වං යී මහතා පෙන්වා දුන්නේ ඉරාන-ඇමෙරිකා යුද ගැටුම වහාම නතර කර සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. ඉරානයේ ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව සුරැකීමටත්, රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම් විසඳා ගැනීමටත් චීනය සහාය දෙන බව ඔහු සහතික කළේය. 2026 වසර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 55ක් සපිරෙන බැවින්, ද්විපාර්ශ්වික සබඳතා සහ දේශපාලන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බව ද මෙහිදී අවධාරණය විය.
Post Views: 13
Previous Post

විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Next Post

මැයි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් නැත

Editor TTV News

Editor TTV News

Next Post
මැයි මාසය සඳහා  ලිට්‍රෝ ගෑස් මිලෙහි  සංශෝධනයක් නැත

මැයි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් නැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved