පෞරාණික වටිනාකමකින් යුක්ත බවට සැක කෙරෙන සුවිශේෂී පාෂාණයක් රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පුල්මුඩේ පොලිස් වසමේ තෙන්නමරම් ප්‍රදේශයේදී පෞරාණික භාණ්ඩ ජාවාරමක් සිදු වන බවට පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ත් 57ත් අතර වයස්වල පසුවන පුලියන්කුලම, ඊච්චලම්පත්තුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩය ලෙස තබාගත් පාෂාණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















