ලබන ජූලි 01 වැනිදා සිට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතය 1%ත් 3%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පැවති 26%ක වාර්ෂික පොලී අනුපාතය, ජූලි 01 වැනිදා සිට 28% දක්වා ඉහළ නැංවීමට ඇතැම් බැංකු දැනටමත් තීරණය කර ඇති අතර, ඒ පිළිබඳව සිය ගනුදෙනුකරුවන් වෙත කෙටි පණිවුඩ මගින් දැනුවත් කරමින් පවතී.
මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මේ වසරේ මාර්තු මාසය වන විට මෙරට ක්‍රෙඩිට් කාඩ් හිමියන් බැංකුවලට ආපසු ගෙවිය යුතු මුළු ණය ශේෂය රුපියල් මිලියන 194,105ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
















