27 April 2024
#දේශීය

මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 3150 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කෘත්‍රිමව සකස් කල මත්ද්‍රව්‍ය අඩංගු කරන ලද මුද්දර 3150 ක් සමඟ සැකකරුවෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අද (23) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු කොල්ලුපිටිය, බගතලේ පාර ප්‍ර දේශයේ නවාතැන්පලකදී මත්වීම සඳහා භාවිතා කරන කෘත්‍රීමව සකස් කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු LSD මුද්දර 3150 ක් සන්තකයේ තිබු අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වු කෝකිල පාර, වැල්ලවත්ත ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්දයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශනය පවත්වනු ලබයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *