බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවි උද්යානය අසල පවත්වනු ලබන සත්යග්රහය අතරතුරදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, ඔහු මේ වන විට පොලිස් භාරයේ රඳවාගෙන ප්රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
















