ස්විට්සර්ලන්ත කොන්ෆඩරේෂන්හි 735 වැනි සංවත්සරය සහ ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) හිදී පැවති ස්විට්සර්ලන්ත ජාතික දින සැමරුම් උත්සවයට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහභාගී විය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Dr. Siri Walt) මහත්මියගේ සත්කාරකත්වයෙන් පැවති මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වී තිබේ. නියෝජ්‍ය කථානායකවරයා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.














